සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට මිලියන 700ක අල්ලසක් ලබා දීමට උත්සාහ කර තිබෙනවා.
රැඳවුම් නියෝග මත මේ වන විට රහස් පොලිස් භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින නදුන් චින්තක විසින් ටිරාන් අලස් අමාත්‍යවරයාට එම මුදල ලබා දෙන හිලව්වට ඉල්ලා ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන ඩුබායි රාජ්‍ය වෙත යවන ලෙසයි.
නමුත් අමාත්‍ය ටිරාන් අලස් ඒ අවස්ථාවේදීම ජනාධිපතිවරයාට මේ බව දැනුවත් කල බවයි පවසන්නේ.
කෙසේ වූව ද අමාත්‍යවරයා එම කාරණය අනාවරණය කර තිබෙන්නේ, දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.