ලෙබනනයේදී සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම අනතුරට ලක්ව ඇති බවයි.
ඒ අනුව ඊයේ (17) ලෙබනනයේ බේරුෆ් නගරයට ආසන්න ප්‍රදේශයක මහල් 7න් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටීමට ලක්වී තියෙන අතර මේ ගොඩනැගිල්ලේ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු 5දෙනෙක් සිරවී ඇති බවටයි සඳහන් වෙන්නේ.
නමුත් තුවාල ලබා ඇති ශ්‍රී ලාංකික කාන්තාව අවුරුදු 65ක් වන බවත් මෙම කාන්තාව ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.