කතරගම දෙවොල අපේක්ෂා රෝහලට දෙන වාට්ටු සංකීර්ණයේ වැඩ අවසන් අදියරේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලට සිව් මහල් වාට්ටු සංකීර්ණයක් ගොඩ නැගීමේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි වාර්තා වන්නේ.

එම දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසන්නේ මෙම කටයුත්ත අවසන්වීමෙන් පසුව තවත් මහල් 7ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. එය ඇඳන් 700කින් සමන්විත බව ඔහු කියා සිටියා.

එය තවත් වසර 2ක් ඇතුළත් සාදා නිම කිරීමට බලාපොරොත්තු වන බවයි බස්නායක නිලමේවරයා වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles