බුදුදහමට අපහාස කරන ලද බවට චෝදනා නගා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්ති පණත (ICCPR) යටතේ අත්අඩංගුවට ගත් රත්නපුරයේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධ නමින් හඳුන්වාගන්නා තැනැත්තා පසුගිය දා ඇප මත මුදාහැරීමට අධිකරණය තීරණය කළා. ඒ උක්ත පණත යටතේ ඔහුට චෝදනා නැගීමට නොහැකි බව පවසමින්. කෙසේ වෙතත් ඔහුට විරුද්ධ නඩුව වෙනත් නෛතික පණත් යටතේ ක්‍රියාත්මක වෙන අතර ඔහු ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වී තිබෙනවා. එහිදී ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් සිදු කරන අතර තමා වැරදි නම් මෙරට නීතිය යටතේ තමාට දඬුවම් කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
වර්තමාන සංඝ ශාසනයේ 99%ක් පමණ වන හිමිවරුන් හොරෙන් කරන සියලු දේ තමා එළිපිට කළ බවයි ඔහු එහිදී පවසා සිටියේ. ස්ත්‍රී ඇසුර, මත්පැන් පානය, වෙනත් දුරාචාරී දේ එම පිරිස සිවුරට මුවා වී කරන බවත් තමා එය එළිපිට සිදු කර තම අදහස ප්‍රකාශ කිරීමට ඉඩ පාදා ගත් බවත් ඔහු කියා සිටිනවා.
වර්තමාන ශාසනයේ කුඩා හිමිවරුන් 99%ක් ලිංගික අපචාරයන්ට ගොදුරු වන බවත් ඔහු එකී සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනුවෙන් කරන දේවල් පට්ටපල් බොරු බවයි ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ.
සංඝ ශාසනයේ වර්තමානයේ සිටින්නේ සිවුරු දරාගෙන තක්කඩිකම් කරන 99% තමාට පෙන්වීමට අවශ්‍ය වූයේද එය බවත් තමා එය කළ බවත් කියූ ඔහු, මේ රට මේ තරම් දුප්පත් වුණේ සහ පහළට වැටුණේ සිවුර අස්සේ ගුණධර්ම නැති තක්කඩි හැංගුණ නිසා බවයි පවසන්නේ. වඳින්නේ සිවුරට නම් සිවුර බල්ලාට දැමූ විට බල්ලාටද වැඳීමට හැකි විය යුතු බවද ඔහු කියා සිටියා.
ආගමික නායකයින්ට අධිකරණ බලය ලබා දීම කිසිසේත් නොකළ යුතු බව ඔහු ජනාධිපතිවරයාට අවධාරණය කරනවා. ආගමික නායකයන් එකතු වී ආගමික අන්තවාදයක් රට තුළ නිර්මාණය කිරීම ඒ තුළින් නිසැකව සිදුවන බව විශ්වබුද්ධ පවසනවා.
කෙසේ වෙතත්, මෙම සම්මුඛ සාකච්ඡාව සඳහා ඔහු සිවුරු දරා පැමිණ සිටි අතර ඉතා විචක්ෂණව සහ ඍජුව සිය අදහස් පළ කරනු ලබනවා. එම වීඩියෝවට ලැබී ඇති ප්‍රතිචාර අතර ඔහුගේ ප්‍රකාශ අනුමත කරමින් දක්වා ඇති ප්‍රතිචාරද බොහෝ ගණනක් නිරීක්ෂණය කළ හැකි වෙනවා. කෙසේ වෙතත්, ඔහු පළ කරන අදහස් ඉදිරියේදී සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති කරනු ඇති බවට අනුමාන කළ හැකියි.
මම සියයට සියයක් එකගයි ඔබ සමග. අද සිටින සියලුම වගේ හාමුදුරුවරු දහමේ හැසිරෙනවා හැර අනෙකුකත් සියලුම දූෂිත වැඩ කරන බව කිව යුතුයි.ඔවුන් පොඩි එකාගේ සිට මුදල් උපයනවා. පවුල් පංසල් අප්රසිද්ධියේ හා ප්‍රසිද්දියෙම කරනවා.මහජනයා අසහනය ඇත්තේ තමාට මොවුන්ගෙන් කර ගන්න ඕන සමහර ආගමික වැඩ නිසාය.පාංශු කූලය සංගයාට දෙන දානමාන වගේ දේවලි නිසා. පොදු මහජනතාව දන්නවා
සංඝ සමාජය අන්තයට පිරිහී ඇති බව…..
මේ අතර අති උත්තරීතර හිමිවරු තමාගේ නිවන් මග සොයමින් සිටින බවද අප දනී. ධර්මයයි ඔබයි යන අති උත්තරීතර ධර්මායතනය තම පාඩුවෙ උත්තරීතර මහා නිවන
සොයා තමනුත් ශ්‍රාවකයනුත් යොමු කරමින් මහත්වූ ශාසනික මෙහෙවරක් කරමින් සිටින බව අප දනී.