පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී බස් රථ 2ක් ගැටීම හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරුවරියක තුවාල ලබා තිබෙනවා.
අද (15) සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ අය පාදුක්ක රෝහලට ඇතුලත් කළ බවයි පාදුක්ක පොලිසිය පවසන්නේ.
නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් නිසාවෙන් තුන්නාන ප්‍රදේශයේ දී නැවැත්වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් පසු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල සිසුන් 21දෙනාගෙන් 18 දෙනෙකුට සුලු තුවාල පමණක් සිදුව ඇති බවත් අනෙක් සිසුන් තිදෙනෙකු වැඩිදුර පරීක්ෂණ සදහා හෝමාගම මූලික රෝහල වෙත මාරැ කර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කළා.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.