හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාළ ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද (03) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
පැනමා ධජය යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට වාහන ප්‍රතිඅපනයනය කිරීම සඳහා පැමිණ වාහන ප්‍රවාහන නෞකාවකට වරායේ ගාල්කර තිබෙන වාහන පැටවීමේ දී මෙම සිදුවීම සිදුවී තිබෙනවා.
නෞකාවත් ජැටියත් අතර කොටසට මෝටර් රථය වැටීමෙන් අනතුර සිදුව ඇති බවත් රියදුරුට නින්ද යෑම මෙයට හේතුවී ඇති බවයි දැනට අනාවරණය වන්නේ.
මෝටර් රථය උදෑසන වනතෙක් ගොඩට ගෙන නොතිබූ බවත් සඳහන් වෙනවා.