ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ඒ අනුව ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු රෆා පිවිසුම හරහා අද (02) දහවල් ඊජිප්තුවට ළඟාවනු ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.
ශ්‍රී ලාංකික පවුල් 03කට අයත් පුද්ගලයින් 17 දෙනෙකුට ඒ සඳහා අවසර හිමි ව තිබුණ ද ඉන් දෙදෙනෙකු පලස්තීනයේ රැඳී සිටින බවට ද තොරතුරු ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම ඊජිප්තු තානාපති කාර්යාලය සහ පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය කටයුතු කළ බවත් ඒ අනුව ඔවුන් සුරක්ෂිතව ඊජිප්තුව කරා ළඟාවීමට නියමිත බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
මේ අතර අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇති අතර ඔහු මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි සඳහන් කරන්නේ.
ප්‍රහාරවලින් තුවාල ලැබුවන් සඳහා හා විදේශිකයින් සඳහා ඊජිප්තු ගාසා දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම විවෘත කිරීමෙන් පසු මේ දක්වා 400ක පමණ පිරිසක් එම පිවිසුම හරහා ඊජීප්තුවට පැමිණ ඇති බව ද සඳහන් වෙනවා.
විදේශිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් 596 දෙනෙකුට එම පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීමට අවසර හිමිව ඇති බව ද වාර්තා වෙනවා.