ගෑස් මිල සංශෝධනය කිරීමට අපේක්‍ෂා කරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරනවා.
මෙම සංශෝධනය ලබන 05 වැනිදා සිදුකිරීමට අදහස් කරගෙන සිටින බවයි පැවසෙන්නේ.
එහිදී පවතින මිලෙහිම ගෑස් මිල පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් එම සමාගම පවසනවා.
ගිය මාසයේ ගෑස් මිල සංශෝධනය කිරීමේදී ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින්ද, ඊට සාපේක්‍ෂව අනිකුත් ගෑස් සිලින්ඩර්වල මිල සුළු ගණනින්ද වැඩිවීමක් සිදුකළ බව ද පවසන එම සමාගම
මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් නමුත් එය නොසලකා හැර මෙරට ගෑස් මිල ගණන් නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ කරන බවත් ලිට්‍රෝ සමාගම සදහන් කරනවා.