පොලිසියේ ලොකු පුටුවල වෙනසක්

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

එහිදී වැඩ බලන පොලිස්පතිවරයකු ද පත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

වැඩ බලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක සහ ප්‍රියන්ත වීරසූරිය යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ඉකුත් රජයේ දේශපාලන අවශ්‍යතාවන් මත පත් කර සිටි උසස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරි දිනවලදී එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා දක්ෂ පළපුරුදු නිලධාරීන් පත් කිරීමට නියමිතව ඇති බවද සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ උපදෙස් මත මෙම මාරුවීම් සිදු කිරීමට නියමිතයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles