ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී යී.
එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ඩයනා ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව අදාළ චෝදනා පත්‍රය කියවාදීම සඳහා අගෝස්තු මස 01 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකිරීමටද අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ බව සඳහන්.