කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ සංගීත ගුරුවරියක් දූෂණය කර මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කාර්යාංශයේ කටයුතු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමතිය පළ කර තිබෙනවා.
ඔහු විමසා ඇත්තේ “ඒකත් පොලිසියක්ද?” යනුවෙනුයි.
විමර්ශන කටයුතු මන්දගාමීව සහ නොදැනුවත් බවෙන් සිදුවන බව පෙන්වා දුන් අධිකරණය එය කළ හැකිද නොහැකිද යන්න ලබන 26 වැනිදා පෞද්ගලිකව අධිකරණයට පෙනී සිට කරුණු දක්වන්නැයි අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළා.
ඝාතන සැකකරු නිවසට ඇතුළු වන දර්ශන සහිත CCTV අසල නිවෙස්වල ඇති බවත් ඒවා පොලිසියට ලබා දීමට එම නිවැසියන් මැලි වෙන බවත් උපපොලිස් පරීක්ෂකවරයෙක් කරුණු දක්වමින් කියා සිටියා.
කෙසේ වෙතත්, මරණයට පත් වූ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය මෙම සිද්ධිය යට ගැසීමට ක්‍රියා කරන බව පෙනී යන බවයි.
එම නිසා මෙකී විමර්ශන කටයුතු රහස් පොලිසියට භාර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමසුවේ “CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කිරීමට බෑ කියන්නේ ඒක පොලිසියක්ද ?” යනුවෙන්.