හම්බන්තොට චීන නාවුක කඳවුරක්?

ඉදිරි වසර කීපය තුළ චීන නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ‘බැංකොක් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය, ශ්‍රී ලංකාව තුළ චීනයේ ජනප්‍රියත්වය සහ චීනය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති ආයෝජනයි හේතුවෙන් මෙම වාර්තා පළ වෙනවා.

ඇමෙරිකා එකසත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කළ නව වාර්තාවකට අනුව මේ බව හෙළි කර ඇති බවයි පැවසෙන්නේ. ඊට සුදුසුම ස්ථානය ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය විය හැකි බව ද එම වාර්තාව පෙන්වා දෙනවා. චීනය දැනමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.19 ක මුදලක් හම්බන්තොට වරායේ ආයෝජනය කර තිබීම ඊට ප්‍රධාන හේතුවයි.

චීන මහජන විමුක්ති හමුදාවට දැනට විදේශගතව ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන ජුබොටි හි එක් නාවික කඳවුරක් පමණක් බවයි සඳහන් වන්නේ.

එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා උණුසුම් වීම හේතුවෙන් ඇමෙරිකාවේ සමුද්‍රීය ශක්තියට සමාන වීමට චීනයද තීරණය කර තීබීම හමුදා කඳවුරු ඉදිකිරීමට හේතුවන බව විදෙස් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැරිසියේ පැවති ණය හිමියන්ගේ සාකච්ඡා දිනවල ප්‍රංශ රූපවාහිනී නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවේ පැවසුවේ චීනය ලංකාවේ කඳවුරු ඉදිකිරීමට ඉල්ලා නැති බවත් තමන් එසේ කරනු ඇතැයි නොසිතන බවත් ය. වැඩිදුරටත් ඔහු කියා සිටියේ ඉන්දියාවට හානිකර කිසිදු ආස්ථානයකට ශ්‍රී ලංකාව නොයන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles