චීන නෞකාවක් දිවයිනට : ඉන්දියාව කණස්සල්ලෙන්

තවත් චීන පර්යේෂණ නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්ත‍ා කරනවා.

ඒ අනුව එම නැව ජනවාරි මස 05 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ.

ඒ් සම්බන්ධයෙන් චීන රජය ලක් රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි සඳහන්.

‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නමැති එම පර්යේෂණ නෞකාව මැයි මාසය තෙක් ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිතයි.

ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් මෙන්ම මාලදිවයින් රජයෙන් ද ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියාව අවධානයෙන් පසුවන බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

චීනයේ නෞකා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙනවා.

මීට පෙර දිවයිනට පැමිණි චීන නෞකාව සම්බන්ධයෙන් ද ඉන්දියාව සිය කණස්සල්ල පළකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles