එලෝන් මස්ක්ගෙන් මිනිස් මොළයට චිප් එකක්

මිනිස් මොළයට කෘත්‍රීම චිපයක් සවිකිරීමට අවසර හිමිව තිබෙනවා.

ඒ අංශභාගයෙන් අප්‍රාණික ව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සිදු කිරීමත් සමඟයි.

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් නවෝත්පාදන බිහි කරන නියුරලින්ක් සමාගම මෙම නිෂ්පාදනය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොඳුඇට පෙළට සිදු වූ හානියකින් අප්‍රාණික වූ හෝ අත් පා අප්‍රාණික වීමේ රෝගයට ගොදුරු වූ රෝගීන්ට නියුරලින්ක් අධ්‍යයනය සඳහා සහභාගි වීමට හැකියාව ඇති බවයි ඒ අනුව සඳහන් වෙන්නේ.

ඒ සඳහා වසර 06ක් පමණ ගත වනු ඇති බව විශ්වාස කෙරෙන අතර එම අධ්‍යයනය සඳහා තෝරා ගන්නා රෝගීන්ගේ මොළයේ චලනයන් පාලනය කිරීමේ කලාපයේ නියුරලින්ක් පරිගණක චිපය ස්ථානගත කෙරෙයි.ඒ ද රොබෝවක් ආධාරයෙන්.

මුලින්ම උත්සාහ කෙරෙනු ඇත්තේ එම රෝගීන්ට සිතිවිල්ලකින් පමණක් පරිගණකයේ කර්සර් එක හෝ කී බෝඩ් එක හැසිරවිය හැකි දැයි සොයා බැලීමයි.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය සාර්ථක වුවත් නියුරලිනික් පරිගණක චිප් මිනිස් මොළයට බද්ධකොට අප්‍රාණික වුවත් පණ ගැන්වීම සඳහා වාණිජමය වශයෙන් යොදාගැනීමට තවත් වසර 10ක් පමණ ගතවනු ඇති බවයි එම මාධ්‍ය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles