කෙහෙළියගෙන් කමිටුවක්

නුවන් හෙට්ටිආරච්චි

ඖෂධ හේතුවෙන් සිදු වූ බව කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ මහනුවර රෝහල, පේරාදෙණිය රෝහල සහ පානදුර රෝහල වැනි ස්ථාන වලින් රෝගීන්ට ලබා දුන් එන්නත් ශරීර ගත විමෙන් මිය ගිය බවට පවතින සැකය සත්‍ය දැයි සොයා බැලීමට මෙම කමිටුව පත් කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ එම කමිටුව සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසිනුයි පත් කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles