ජනපතිවරණයට නැවතත් පොදු අපේක්ෂකයෙක්: රවිගෙන් ප්‍රකාශයක්

2024 ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව ඔහු එසේ ඉදිරිපත් කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ රට සංවර්ධනයට ගෙන යන බවත්, එය අසීරු ගමනක් බවත් ඔහු පවසනවා. ජනතාවට සහනය මදි වුවත් අගාධයෙන් ගොඩ විත් තිබෙන බවයි ඔහු කියා සිටින්නේ.

අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන රනිල් වැනි පුද්ගලයන් සීමිත බව රවි කරුණානායක වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles