“හිල්ටන් ” හි රජය සතු කොටස් මිලට ගන්න සමාගමක් ඉදිරිපත් වෙයි

හිල්ටන් හෝටලය අයත් Hotel Developrs (lanka)ltd ආයතනයේ රජය සතු කොටස් මිලට ගැනීම සඳහා ලංසුවක් ඉදිරිපත් කළ එකම පූර්ව සුදුසුකම් ලත් සමාගම ලෙස Melwa Hotels & Resorts (pvt) ltd සමාගම රජය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අනුව Hotel Developrs (lanka)ltd ආයතනයේ කොටස් මිලට ගැනීමට ලංසු කැඳවීම 2023 ඔක්තෝම්බර් මාසයේදී මුදල් අමාත්‍යංශය මඟින් දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව ඊට ලංසුකරුවන් 09 දෙනෙක් ඉල්ලුම්කර තිබූ අතර කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුව මඟින් එම ලංසුකරුවන් අතරින් ලංසුකරුවන් 04 දෙනෙකු පූර්ව සුදුසුකම් ලැබූවන් තෝරාගනු ලැබුවා.

ඉන් අනතුරුව යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව තුළ යෝජනා ඉදිරිපත් කර තිබුණේ පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් දෙදෙනාගෙන් එක් ලංසුකරුවෙකු වන Melwa Hotels & Resorts (pvt) ltd සමාගම පමණක් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles