සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව කතානායකවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පැමිණිල්ල ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 24 දෙනෙක් එක්ව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේදී අසත්‍ය සහ ද්වේශ සහගත ලෙස චෝදනා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර තිබෙනවා.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව, පාර්ලිමේන්තු සභා කර්මයේ දී ගර්භයේදී හෝ කාරක සභාවකදී හෝ පාර්ලිමේන්තු භූමියේදී පාර්ලිමේන්තුවේ නිලධාරියෙකුට පහර දීම හෝ ප්‍රතිරෝධය පෑම නැතහොත් ඔහුගේ කටයුතුවලට සිතා මතා මැදිහත්වීම පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ දඬුවම් කරනු ලැබිය හැකි වරදක් බව එම පැමිණිල්ලේ දැක්වෙන බවයි වාර්තා වන්නේ.