පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන සෑම සැකකරුවෙකුටම දඩ ගසා 25% පොලිසියට ලබා දීමට මග පෑදීමට කටයුතු කිරීම අධිකරණයේ වගකීම නොවන බවත්, අධිකරණමය මනසකින් බලා සෑම සියලු දෙනාටම යුක්තිය ඉටු කිරීම අධිකරණයේ වගකීම බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පවසා තිබෙනවා.
ඒ ගංජා මිශ්‍ර සුරුට්ටුවක් ළඟ තබා ගත් බවට චෝදනා කර අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා හරිමින්.
අධිකරණයට ඉදිරිපත් කළ උක්ත සැකකරුගේ සුරුට්ටුවේ ගංජා ඇතැයි නිගමනය කළේ කෙසේදැයි විමසූ විට අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස් නිලධාරීන් නිරුත්තරව සිටීම නිසා තරුණයා නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසුවා.