ගමන සුබයි – ජය නියතයි: IMF කියයි

තම වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් දිනාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින්, ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැප වන්නැයි එහි නි. කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.

වොෂින්ටන්හි පැවැත්වෙන වසර මැද ස්ප්‍රින්ග් සමුළුවට සහභාගි වූ මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ – මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය පලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර මෙරට ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා විශිෂ්ට ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පිළිබඳව නි. කළමනාකාරවරයා ප්‍රශංසාව පළ කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles