කොළඹ තරු පහේ හෝටලයක දින දහයක් පුරා පවත්වන ආහාර ප්‍රදර්ශනයකට නිසි අවසරයකින් තොරව එංගලන්තයෙන් ගෙන් වූ හරක් හා ඌරුමස් කිලෝ තුන්සියයක් පමණ සෞඛ්‍ය අංශයට භාරගෙන තිබෙනවා.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය නොගැනීමත්, මෙම මස් නිකුත් කළ එංගලන්ත සමාගමෙන් ඒවා මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුද යන්න තහවුරු කරන කිසිදු සහතිකයක් නොමැතිකම නිසාත් සිය භාරයට ගත් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ.
මෙම මස් තොගය සාම්පල් පරීක්ෂාවක් සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර තිබෙන අතර ඒවායේ සාම්පල පරීක්ෂා කරන තුරු භාවිතයට නොගන්නා ලෙසත් එම මස් තොගය ශීතාගාරවල වෙනම රඳවා තැබීමේ නියෝගය මත මුදා හරින බවයි වාර්තා වන්නේ.
මෙහි වාර්තාව ඉදිරි දින කිහිපයේදී ලබාදෙන බව වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රසිද්ධ පුවත්පතක් කළ විමසුමක දී ප්‍රකශ කර තිබෙනවා.