මාලිමාවේ අයවැයෙන් රටක් කරන්න බැහැ : ජනපති රනිල්

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තමන් විසින් පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හඳුන්වා දී ඇති බවයි ඔහු කියා සිටියේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“අපි ඇති කරලා තියෙන ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. නැත්නම් ආපහු පහළට යනවා. ඒක කරන්න තමයි මගේ වැඩසටහන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ඔබට දෙන්නේ ඒ වරම ලබාගන්න. සජිත් ගැන කියලා වැඩක් නෑ. හැම එකම දැන් නොමිලේ දෙනවලු. තව ටික කාලයකින් නොමිලේ නෙමෙයි ඒක ගන්න කියලා මුදල් දෙයි. මොකද්ද මාලිමාව කියන්නේ, ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියලා. මම ජනාධිපති වුණාට පස්සේ එහෙම කියනවා. මාලිමාවේ එක අඩුපාඩුවක් තියෙනවා. මේ මගේ මිත්‍ර අනුරට…ආ… දැන් මිත්‍රයා කියන්න එපානේ…හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකගෙන් මම අහන්න කැමතියි. මම බැලුවා ඒ අයගේ අයවැය. මෙහෙම අයවැයක් හැදුවේ අර බැනියමේ හිල් තියෙන එක්කෙනාද? මේක කරන්න බෑ.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles