රුපියල් ලක්ෂ 3000ක වැඩි ආදායම් හිඟයක් අය කර ගැනීම නීතිපති දෙපාර්තමේන්තුව පැහැර ඇති බව ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක දැක්වෙනවා.
ඒ 2022 වර්ෂයට අදාළවයි.
මෙම හිඟ ආදායම් අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණ බවත් වාර්තාවේ දැක්වෙනවා.
මෙකී හිඟ ආදායම් රුපියල් ලක්ෂ 900ක් වසර 10කට වැඩි කාලයක්ද, ලක්ෂ 400ක් වසර 9ක් පමණද ලක්ෂ 300ක් වසර 6ක් පමණද ලක්ෂ 700ක් පමණ කාලයක් තිස්සේ ද අය කරගැනීමට අසමත්ව තිබෙන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.
මේ මුදල් අය කරගැනීමට අප්‍රමාදව නීතිප්‍රකාරව කටයුතු කරන්නැයි විගණන කාර්යාලය නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.
News එකේ අඩු පාඩු තියනවා වාක්ය වල.