ලිංගික හැසිරීම් අන්තර්ජාලගත කළැයි යුවළක් අත්අඩංගුවට!

විවාහක වයස අවුරුදු 28 කාන්තාවක් සහ 29ක පිරිමි අයෙක් සිය ලිංගික හැසිරීම් රූගත කර අන්තර්ජාලයට එක් කළ බවත්, එය ජාවාරමක් බවත් චෝදනා කොට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් ඉපැයීම සඳහා මෙම දර්ශන අන්තර්ජාලයට එක් කළ බවයි ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මේ සඳහා ඔවුන් අන්තර්ජාලයේ සකස් කර ඇති ගිණුමේ පරිශීලකයන් 5000කට ආසන්න ප්‍රමාණයක් ද නැරඹුම් වාර ලක්ෂ 87ක් පමණ ද තිබෙන බවයි පැවසෙන්නේ. එයින් ඔවුන් මසකට රුපියල් ලක්ෂයක් පමණ උපයන බවද සඳහන්.

මේ දෙදෙනා පිළිමතලාව ප්‍රදේශයේ ලැගුම්හලක අදාළ වීඩියෝ පටිගත කරන බව කිසියම් අයෙක් කඩුගන්නාව පොලිසියට ලබා දුන් ඔත්තුවකට අනුව මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔවුන් සතුව තිබූ උපකරණද පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles