පුංචි ඡන්දෙ කල්දැමීම පිළිබඳ පෙත්සම ගැන අධිකරණ තීන්දුවක්

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය මැයි 29 වෙනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළා.

අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ,ගාමිනී අමරසේකර,මුර්දු ප්‍රනාන්දුගෙන් සමසන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

නමුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නිසියාකාරව සංයුක්ත වී නොමැති බැවින් එම පෙත්සම සලකා බැලීම ලබන 29 දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

2023 මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස කල්දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමඟ ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles