නඳුන් චින්තකට අධිකරණ නියෝගයක්

කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” යන අයව අප්‍රේල් (26) වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අදාළ නියෝගය නිකුත් කර ඇති අතර සැකකරු  තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

විදේශගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඩුබායිහී දී අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මාසය තුළය.

අනතුරුව 2023 මාර්තු 7 වැනිදා මැඩගස්කරයේ දී “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු 15 වැනිදාය.

එතැන් සිට ඔවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව වන අතර රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු “හරක් කටා” සහ “කුඩු සළිඳු” අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව නඳුන් චින්තක යන අයව අප්‍රේල් 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් එමෙන් ම සලිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු අද පෙරවරුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ විසින් මාර්තු 25 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත්  වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles