සිය නිවස පිටුපස කානුවේ ගිනි අවියක් සඟවා බොරු සාක්කි සෑදීම හා ශරීරයට හෝ කීර්තියට හානිවන ආකාරයට චෝදනා කිරීම යන කරුණු පදනම් කරගෙන ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව පුදගලයෙකු විසින් ගොනු කළ නඩුව අගෝස්තු 05 වෙනිදා විභාගයට ගැනීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් දිලූම් ප‍්‍රනාන්දු නියෝග කර තිබෙනවා.
නීතීඥ විජිත ජී පුංචිහේවා මඟින් ඇඹිලිපිටිය කාවන්තිස්ස පුර, පදිංචි වේරහැර මල්ලව ආරච්චිගේ හර්ෂ නුවන් චතුරංග යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.
ඇඹිලිපිටිය පොලිසියේ නිල අංක 69228 ලියනගේ, රුවන්, නිලඅංක 86436 සුරංග, වනිගරත්න, බණ්ඩාර සහ තවත් නිලධාරියෙක් චූදිතයන් ලෙස නම් කර තිබෙනවා.