ඉරාන තානාපතිට ගුටි දුන් ව්‍යාපාරිකයාට අධිකරණ නියෝගයක්

මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා අද (22) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීමට කටුයුතු කර තිබෙනවා.

පසුගිය 19 වෙනිදා කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles