මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 06 දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කළ බව සඳහන්.