කොතලාවලගේ මරණයට හේතුව ගැන අධිකරණ තීන්දුවක්

ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් ඇති වූ හදිසි මරණයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (31) තීන්දු කළා.

ඒ අනුව ඔහුගේ මරණ සහතිකය ඥාතීන් වෙත භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝගය කර තිබෙනවා.

අධිකරණ වෛද්‍ය රාජපක්ෂ විසින් ඉකුත් 22 වෙනිදා අධිකරණයට භාරදෙනු ලැබූ මරණ පරීක්ෂණ වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ සාක්ෂිකරුවන්ගෙන් ලබා ගත් සාක්ෂි සැලකිල්ලට ගනිමින් ලලිත් කොතලාවලගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.

කොතලාවලගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න විසින් බම්බලපිටිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව කැඳවනු ලැබුවා.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ආචාර්ය ලලිත් කොතලාවල ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 21 වෙනිදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles