නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් එම සැකකරුව කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සඳහන්.
එම අවස්ථාවේදි ඔහු සන්තකයේ තිබී රුපියල් 590,000ක වටිනාකමින් යුත් විදෙස් දුම්වැටි 7000 ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.
වැඩිදුර විමර්ශන සඳහා සැකකාර සහකාර රේගු අධිකාරීවරයා දුම්වැටි තොගය සමග කොටුව පොලීසිය වෙත භාරදී තිබෙනවා.