දිගින් දිගටම පවත්නා වැසි තත්වය හේතුවෙන් වව්නියා- සෙට්ටිකුලමේ පිරමනාදන්කුලම වැවේ බැම්ම ස්ථාන කිහිපයකින් කැඩී ගොස් ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ‍්කකය පවසනවා.
වැව් බැම්මේ පිටවාන ආසන්න ස්ථානයකින් සහ තවත් ස්ථානයකින් බැම්ම කැඩී ගොස් ඇති බවයි නිරීක්ෂණය කර ඇත්තේ. කුඹුරු යටවී විනාශ වීමේ අවදානමක්ද මතුව තිබෙන බව ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.
පුද්ගලයන්ට හෝ ගම්මානවලට සහ නිවාසවලට හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ.