5 හැවිරිදි දැරියකට කෘෘර වධ හිංසා කළ බවට සැකපිට රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙනවා.
රුහුණු විශ්වවිද්‍යාලයට අයත් කඹුරුපිටියේ ආචාර්ය නිල නිවසකින් කුඩා දැරියක් අසාමාන්‍ය ලෙස නිතර මොර දී හඬා වැටෙන බවට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ වෙත කිසිවෙකු විසින් දුන් තොරතුරකුට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙහිදී පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් දැරිය තම භාරයට ගත් අතර, අවුරුදු 5ක තරම් කුඩා දැරියගේ සිරුරේ ස්ථාන ගණනාවක පහරදීම් නිසා නිල් පැහැගෙන ඇති බව වාර්තා වුණා. නාසය, තොල්, තල්ල ආදී ස්ථාන රැසක තුවාළ දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
කථිකාචාර්ය සැකකරු මෙම බිළිඳු දැරියට ඉණ පටියක් කැඩෙනතුරු පහරදී ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණා. ළමා නිවසක වැඩුණු දැරිය නඩුවක් මගින් හදාගැනීම සඳහා ලබාගත්තියක බවයි දැක්වෙන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (18) පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනෙනු ඇති.