කැලණි ගං ඉවුරේ පාවෙන මළ සිරුරක්

මට්ටක්කුලිය හැඳල තොටුපොල පාරෙ කැලණි ගං ඉවුරට මළසිරුරක් ගොඩ ගසා ඇති බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

උස අඩි 05 අඟල් 04 ක් පමණ වන මෙම මිය ගිය පුද්ගලයාගේ හිස තට්ටය පැදී ඇති අතර දකුණු අතෙහි මේනකා යනුවෙන් සහ වම් අතෙහි සෙල්වි යනුවෙන් පච්ච දෙකක් කොටා තිබෙනවා.

මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles