අධ්‍යාපන කාර්යාලයක මළසිරුරක්

ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක තිබී පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ බහුකාර්ය සහායකයෙකු ලෙස සේවය කළ රත්මල්කඩුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු මෙසේ මියගොස් සිටියදී සොයාගත් බවයි.

ඊයේ (13) සවස පොලිසියට ලැබී තිබුණු පැමිණිල්ලක් අනුව සොයා බැලීමේදී මෙම මළසිරුර සොයාගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles