ගමන් බෑගයක දමා තිබූ පුද්ගල මළ සිරුරක් හමු වූ බව පොලිසිය සඳහන් කරනවා.
ඊයේ (15) සවස සීදූව බෙල්ලානවත්ත, කිඳිගොඩ ප්‍රදේශයේ දඬුගංඔයේ ඉවුරට නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇති බවට සීදූව පොලීසියට 119 පණිවිඩ මධ්‍යස්ථානය මඟින් ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසැති උස අඩි 05යි අඟල් 08ක් වන සාමාන්‍ය සිරුරක් සහිත හිසකෙස් අඟල් 02ක් පමණ දිග පිරිමි පුද්ගලයෙකු වන බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම ඔහු රතු පැහැති කමිසයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිටි බව සඳහන්ය.
මරණකරුගේ ගෙලෙහි දකුණු පස තරු සලකුණු 07ක් සහිත පච්චයක් කොටා ඇති බවත් හිස දෙපස හා නිකටෙහි තුවාල සලකුණු දක්නට ඇති බවත් පොලීසිය සිදු කළ පරීක්ෂණවල දී සෙයාගෙන තිබෙනවා.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.