කොළඹ කුණු ඇළක කාන්තා මළසිරුරක්

කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමු වූ බව පොලීසිය පවසනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති බවට ඊයේ (29) දහවල් පොලීසියට ලද ඇමතුමක් අනුව එය සොයාගෙන තිබුණා.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නැති අතර මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන කාන්තාවක්.

ඇය ඇඳ සිට ඇත්තේ කහ පැහැති මල් සහිත රතු පැහැති ගවුමක් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles