හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී නිමල් ලන්සා අතර රහසිගත දේශපාලන සාකච්ඡාවක් පැවති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රීලනිපය සහ 66 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන කණ්ඩායම මෙසේ හමුව තිබෙන්නේ පළමු වරටයි. ඊට ශ්‍රීලනිපයේ අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ බස්නාහිර පළාත නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකුද සහභාගි වී තිබෙනවා.
මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙන්නේ ඉදිරි මැතිවරණ වල දී ශ්‍රීලනිපය සහ නිමල් ලන්සාගෙන් යුත් 66 කණ්ඩායම එකට වැඩ කිරීම ගැනයි.
එසේම මෙම වැඩපිළිවෙළට බාධාකාරී ලෙස හැසිරෙන ශ්‍රීලනිපයේ ඉහළ නිලතල දරන්නන්ගේ තනතුරු ගණනාවක්ම ඉතා ඉක්මනින් වෙනස් කරන බවට ද සකච්ඡා වී තිබෙනවා.
එහි දී තමන් ද ජනාධිපති වෙන්න සුදුසු බවට හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර තිබෙන බව ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
තව ද ලංසා හා ජනපති කාර්යාලයේ පිරිස් අතර මේවන විට නිතර නිතර ගැටුම් ඇතිවෙමින් ඇති බවත් එහි දී සඳහන්ව තිබෙනවා.