පාකිස්තාන අගමැති ධුරය ගැන තීරණයක්

පාකිස්තානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස නවාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පකිස්තානයේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂය රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව භූතෝගේ පීපීපී පක්ෂය සඳහන් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අසන 75 සහ භූතෝගේ පීපීපී පක්ෂය ආසන 54 බැඟින් ලබා ගෙන තිබෙනවා.

අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට තම පක්ෂය සහාය දක්වන බව භූතෝ පවසන අතර, ඔහු මීට පෙර කියා සිටියේ එය කැබිනට් තනතුරු නොගන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි.

එසේම මැතිවරණයේ දී තමන්ට එරෙහිව දූෂණය සිදුව ඇති බැවින් ප්‍රතිඵලවලට අභියෝග කිරීමට පියවර ගන්නා බවයි, ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය අවධාරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles