ලංකාවේ උපකාරක පංති ක්ෂේත්‍රය හරහා රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසා තිබෙනවා.
ඔහු කියා සිටින්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමට කටයුතු කළ යුතු බවයි.
උපකාරක පන්ති වලින් උපයන ආදායම අනුව ඔවුන්ට බදු පැනවීමට රජය මැදිහත් විය යුතු බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙනවා.
තවද රජයේ නිසි නියාමනයක් නොමැතිකම හේතුවෙන් මුදල් ඉපයීම මූලික අරමුණ කරගනිමින් අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයින් පවා උපකාරක පන්ති පවත්වන බව ඔහු අවධාරණය කරනවා.