ජනපතිවරණය ජයගන්න පොහොට්ටුවේ සැලැසුම් ගැන සාකච්ඡාවක්

බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (20) පෙරවරු 10.00 ට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තා වෙනවා.

මෙම හමුවේ දී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බව නමුත් තවත් පිරිසක් සඳහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බව යැයි පැවසෙනවා.

තවද කතානායක මහින්ද යාපා අබේවර්ධනට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරිම ද මෙහි දි සාකච්ඡාවට ලක්වන බවත් සඳහන් වෙනවා.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles