ගාසා සටන් විරාමයක් ගැන සාකච්ඡාවක්

ඊශ්‍රායල – හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් එකඟතාවකට පැමිණ නොමැති බවයි.

ගාසා සටන් විරාමයක් සඳහා එක්සත් ජනපදය සැලැස්ම යෝජනා කර ඇති අතර සංශෝධනවලට ඊශ්‍රායලයේ ස්ථාවරය පැහැදිලි නැතත් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි හමාස් සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ මාසයේ වොෂින්ටනයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles