කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රිෂාන්ත පෙරේරා නමැති ශල්‍ය වෛද්‍යවරයා බීමතින් පැමිණ එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහර දීම හේතුවෙන් එම රෝහලේ සියලු කාර්යමණ්ඩලය සේවයෙන් ඉවත් වී තිබෙනවා. ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි බල කරමින්.
මෙම වෛද්‍යවරයා මේ දිනවල ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයට සහභාගි වූ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට තර්ජනය කර ඇති බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
මෙම වෛද්‍යවරයා මෙයට පෙරද ගර්භනී වෛද්‍යවරියකට පහර දී වරදකරුවෙකු වූ අයෙක් බවයි සඳහන් වන්නේ. ඔහු රෝහල තුළ බීමතින් සිටින බවද එම සන්ධානය ලිපිය මගින් චෝදනා කරනවා.
මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු කරාපිටිය රෝහලේ පැවැත්වෙන වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව එම සන්ධානය වැඩිදුරටත් අමාත්‍යවරයා වෙත දන්වා තිබෙනවා.