වෛද්‍යවරියට අතවර කළැයි සැකපිට වෛද්‍යවරයෙක් අල්ලයි

අරණායක දිසා රෝහලේ රාජකාරිවල නිරත ව සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ එම රෝහලේම රාජකාරි සිදු කළ 45 හැවිරිදි විවාහක වෛද්‍යවරයා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා විසින් 28 හැවිරිදි වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය බලහත්කාරයෙන් අත ගෑ බවට වෛද්‍යවරියගේ පියා විසින් කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අරණායක පොලීසිය විසින් අද (8) දා අදාළ සැකකාර වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ අතවරයට ලක් වූ වෛද්‍යවරියගෙන් සහ එම අවස්ථාවේ රාජකාරියෙ නිරත ව සිටි පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

එම සිද්ධියට මුහුණු දුන් වෛද්‍යවරිය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles