සුනඛ සුරතලුන්ට වෙන්වූ ගුවන් සේවයක්

සුනඛ සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

ඒ් අමෙරිකාවේ බාර්ක් එයා(ර්) ගුවන් සේවයයි.

පසුගිය මැයි මාසයේදී එහි මංගල ගුවන් ගමන යෙදී තිබුණා.

මෙතෙක් බාර්ක් එයා(ර්) හි ගමනාන්ත නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ ලන්ඩන් දක්වා සීමා වී තිබුණු අතර මේ වන විට එය ගමනාන්ත පහක් දක්වා පුළුල් කිරීමට බාර්ක් එයාර්ලයින් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රංශයේ පැරීසිය, චිකාගෝ, සැන් ෆ්‍රැන්සිස්කෝ, ෆීනික්ස් සහ මියාමි බාර්ක් එයාර් ගුවන් සේවයේ නව ගමනාන්තයි.

එමෙන්ම බාර්ත් එයා(ර්) තවත් නව ගමන් මාර්ග 7ක් සැපයීමට ද සැලසුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එහිදී සුනඛ සුරතලුන්ට පළමු පන්තියේ සේවාවක් හිමි වන අතර බාර්ක් එයාර් සමඟ ගුවන් සංචාරයේ යෙදෙන සුනඛ සුරතලුන්ට ෂැම්පේන් පානය කිරීමටත්, සම්බාහන අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව හිමි වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles