ප්‍රථම වතාවට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
තරඟයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ආයතනය මේ බව දැනුම් දුන් අතර ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී පරාජයට පත් වූ අතර තරඟාවලියෙන්ද පරාජයට පත් වුණා.
ඊයේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ආසියානු ශූරතාවය නැරඹීම පිණිස 20000කට අධික ජනතාවක් සහභාගි වූ බවද සඳහන් වෙනවා.