ගාල්ල, අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් හිච්චි මල්ලි නැමැති 43 හැවිරිදි තිදරු පියෙක්.
පොලිසිය පවසන්නේ එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී කඩුවකින් පහරදී ඝාතනය සිදුකර තිබෙන බවය.
දැනට ප්‍රදේශයෙන් පැනගොස් ඇති සැකකරු විසින් මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට ද කඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබෙනවා.
ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමක ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.