කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලියට යෑමට පැමිණි පොලිස් කොස්තාපල්වරයකුට නාඳුනන පුද්ගලයකු ලබාදුන් සිගරට් බාගයක් පානය කිරීමෙන් පසු එම කොස්තාපල්වරයා මත් වී තිබෙනවා. පසුව එම පුද්ගලයා කොස්තාපල්වරයා ගෙල පැලැඳ සිටි රන් මාලය සහ ජංගම දුරකතනය සොරා ගෙන පළා ගොස් තිබෙන බව කොටුව පොලිසිය පවසනවා.
පැහැරගත් දේවල වටිනාකම රුපියල් 432,000වන බව පොලිස් කොස්තාපල්වරයා කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
අනුරාධපුර, මැදවච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කරන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරයෙකු හමුවීම සඳහා කොළඹට පැමිණ ඇති අතර ශාරීරික අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලිය වැසිකිළියට පැමිණි අවස්ථාවේ එම වැසිකිලිය අසලදී මෙය සිදුව තිබෙනවා.