No menu items!
No menu items!

ජනපති අපේක්ෂකයන් 7ක් අතර මුහුණට මුහුණ විවාදයක් ළඟදීම

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව මෙම විවාදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර තිබෙනවා.

මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles