වෙඩිතැබීමකින් තිදරු පියාට දිවි අහිමි වෙයි

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියෙක් මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නමැති (38) හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය සඳහන් කළා.

මියගොස් ඇති පුද්ගලයා කටුකුරුන්ද දුම්රිය පොළ පාරේ පිහිටි තම නිවසෙහි දරු තිදෙනා සමග රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිට ඇති බවත්, යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිව ඇතැයිද පොලිසිය ප්‍රකාශ කරනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයකු බවද පොලිසිය කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles